gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නව ජනපතිට ලොව දසතින් සුභාශිංෂන

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස මහජන ඡන්දයෙන් තේරී පත්වු අනුර කුමාර දිසානායක මහතා මුනගැසුනු මෙරට ඉන්දියානු මහකොමසාරිස් සන්තොෂ් ජා මහතා අනුර කුමාර දිසානායක මහතා වෙත සුභාශිංෂන පිරිනමා ඇති බව සඳහන්.

එම හමුවේ දී ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙරට ශිෂ්ඨාචාරයේ නිවුන් සහෝදරයා වශයෙන් දෙරටේ ජනතාවගේ සෞභාග්‍ය උදෙසා පවතින සබඳතා තව දුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම නිල එක්ස් සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද මෙරට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබපැතුම් එක්කර තිබේ.

දෙරට අතර පවතින සහයෝගීතාව තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ඉන්දීය ජනාධිපතිවරයා එමඟින් අවධාරණය කර ඇත.

අමෙරිකා එක්සත් ජනපදයද මෙරට නව ජනාධිපතිවරයා වෙත සිය සුභාශිංසන පිරිනමා තිබේ.

මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර ඇති ශක්තිමත් හවුල්කාරීත්වය අගය කරන බවත් පොදු ප්‍රමුඛතා සම්බන්ධයෙන් එක්ව වැඩකිරීමට සුදානම් බවයි.

එමෙන්ම මෙරට ජපාන තානාපති මිෂුකෝෂි හිඩේකි මහතා ද නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම් එක්කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ තමන් ඇතුලු ජපාන රජය දෙරට අතර පවතින සහයෝගීතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මීට අමතරව මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිෂු මහතා ද අනුර කුමාර දිසානායක මහතාට සිය සුබ පැතුම් එක්කරමින් පවසා සිටින්නේ සමීප අසල්වැසියෙකු ලෙස මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට සුදානම් බවයි.

මේ අතර ජනාධිපතිවරණයේ ලැබු ජයග්‍රහණය පිළිබඳව අවංකව තමන් සුබ පැතුම් එක්කරන බව සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පකිස්තාන අග්‍රාමාත්‍යවරයාද ප්‍රකාශ කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka