gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තුවේ බුල් වලින් මෙවරත් ඡන්ද ලක්ෂ 30ක් වතුරේ!

මැතිවරණ නිරීක්ෂකයන් පවසන්නේ මෙරට විදෙස්ගත ශ්‍රමිකයන්ගේ හා සිර දඬුවම් ලබන්නන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය නොකිරීමෙන් මෙවර ජනාධිපතිවරණයේදී ලක්ෂ 30කට අධික ඡන්ද සංඛ්‍යාවක් ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.

මෙය රටේ ජන පිරිසගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් ඒ සම්බන්ධයෙන් මෙරට නීති සම්පාදන ආයතනය වූ පාර්ලිමේන්තුව සෘජුවම වගකිව යුතු බවත් මැතිවරණ නිරීක්ෂකයෝ චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතාගෙන් මාධ්‍ය කළ විමසීමේදී ඔහු පැවසූවේ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ හා සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය නීති සම්පාදනයට පාර්ලිමේන්තුව මෙන්ම බලධාරීන්ද කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

සිර දඬුවම් ලබන්නන්ගේ සහ විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අඛණ්ඩව පෙලඹවීම් කළද එම විෂයට අදාළව ශ්‍රී ලංකාව කිසිදු ප්‍රගතියක් ලබා නොමැති බවද රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

මෙරට ලක්ෂ 30ක් 40ක් අතර ඡන්ද දායකයින් ප්‍රමාණයකට සෑම මැතිවරණයකදීම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වන බව පෙන්වාදුන් රත්නායක මහතා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හා මැතිවරණ කොමිසම මෙම තත්ත්වයට විසදුම් සෙවීම සඳහා ඒකාබද්ධව ක්‍රියා කළද පාර්ලිමේන්තුව විසින් එම නීති ප්‍රතිසංස්කරණ වළක්වනු ලැබ ඇතැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka