gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජාතිවාදී කතා කී රනිල් සමාව ගතයුතු බව අනුර කියයි; බැදුම්කරයට සම්බන්ධ නැතැයි රනිල් කියයි

රනිල් වික්‍රමසිංහ තමන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වැරදි අර්තකථන දී ජාතිවාදය වැපිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔහු ජනතාවගෙන් සමාව ගත යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

ඊයේ (08) පෙරවරුවේ කොළඹදී පවත්වන ලද අන්තර් සමාගම් සේවක සංගමයේ 25 වෙනි ජාතික මහ සමුළුව අමතමිණි මේ බව සඳහන් කළ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පැවසූයේ උතුරේ ජනතාවගේ නියෝජිතයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් රනිල් වික්‍රමසිහගේ ප්‍රකාශය මුළුමනින්ම බැහැර කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් සුමන්තිරන් මන්ත්‍රීවරයාට ස්තුතිය පල කළේය.

මේ වනවිට පරාජය පිළිබඳව තහවුරු වී තිබෙන පසුබිමක “මා මිත්‍ර” යනුවෙන් තමන්ව ආමන්ත්‍රණය කළද බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියට රනිල් වික්‍රමසිංහ ඇතුළු සියලු වගඋත්තරකරුවන් කැඳවන බවත් ඒ පිළිබඳව තේරුම්ගෙන ඇති ඔවුන් ප්‍රචාරය කරන ජාතිවාදී උපක්‍රමවලට හසු නොවන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මම බැඳුම්කර මගඩියට සම්බන්ධ නැහැ – රනිල්දකුණේ මතයට හවුල් නොවුන හොත් උතුරේ ජනතාව වෙනසට විරුද්ධ වූවන් ලෙස දකුණේ ජනතාව විසින් සිතනු ඇතැයි අනුර දිසානායක යාපනයට පැමිණ කියා තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළියේදී පසුගිය 07 දා පැවසීය.

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ද ඔහු එහිදී කීය.

මේ අතර, බැඳුම්කර මගඩියට තමාගේ කිසිදු සම්බන්ධකමක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුස්ලිම් සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් සමග කොළඹදී පැවැති හමුවකදී කියා සිටියේය.

ඔබ වරක් මිස්ටර් ක්ලීන් යන නාමය සමග කටයුතු කළා නමුත්, මහජන මතය දැන් වෙනස් වෙලා තිබෙනවා. බැඳුම්කර වංචාවේ සිට මේ දක්වා ඔබගේ පාලනය යටතේ සිදුවූ විවිධ ගණුදෙනු මේ වෙනසට හේතුවී තිබෙන බවයි පෙනෙන්නේ. ඇයි ඔබ මෙය සිදුවීමට ඉඩදුන්නේ යැයි සිවිල් ක්‍රියාකාරිකයකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“බැඳුම්කර වංචාව ගැන මට මොකක්ද කරන්න පුළුවන්. සියලුදෙනාටම නඩු පවරා මහාධිකරණ මට්ටමින් සහ අභියාචනාධිකරණ මට්ටමින් ඔවුන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. මම කොමිසම හමුවට ගියා කොමිසම කිව්වා මට ඒකට කරන්න දෙයක් නැහැ කියලා. එහෙත් ඔබ කියනවා මම දූෂිතයි කියලා. බැඳුම්කර මගඩියට මගේ සම්බන්ධයක් නෑ. මම ගිහින් මාව නිදහස් කළා. එයාලා අහපු හැම ප්‍රශ්නයකටම මම උත්තර දුන්නා.

මම වෙනත් කතාවක් කියන්නද. මම ජනාධිපතිවරයා වුණාට පස්සේ ආණ්ඩුවේ ඇමැතිවරයකුට චෝදනා කළා. මම ඔහුව ආරක්ෂා කළේ නෑ. ඔහු ඉල්ලා අස්වුණා. ඇමැති කෙනකුට නඩු දාපු තව එක ආණ්ඩුවක් කියන්න. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගෙන් පස්සේ කිසිවකු එහෙම කරලා නෑ.’’ යැයි ජනාධිපතිවරයා කීවේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka