හිටපු මැති ඇමතිලාගේ මැර බලය අවසන්... ගිනි අවි සියල්ල ආපසු ගනී!
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100කට ආසන්න පිරිසකට ලබාදී තිබූ ආරක්ෂක ගිනි අවිය යළිත් ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාරදෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දන්වා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබු මන්ත්‍රී දීමනාව, මන්ත්‍රී කාර්ය මණ්ඩලයට දෙන දීමනා, ඉන්ධන පහසුකම් සහ මුද්දර ගාස්තු ඇතුළු සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසි වී යයි.
එහෙත් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති නිල නිවාස පමණක් ඡන්දය පැවැත්වෙන දින තෙක් පාවිච්චි කිරීමට ඔවුනට ඉඩ සලසා දී ඇති බව වාර්තා වේ.
හිටපු මැති ඇමතිලාගේ මැර බලය අවසන්... ගිනි අවි සියල්ල ආපසු ගනී!
2024-09-30T13:05:00+05:30
Gossip Lanka Hot News





