gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නිපා වෛරසය ඉන්දියාවේ පැතිරෙයි... විශාල පිරිසක් අනතුරේ!

වවුලන්ගෙන් සහ ඌරන් වැනි සතුන්ගෙන් පැතිරෙන නිපා වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි 24 හැවිරිදි තරුණයෙක් ඉන්දීය කේරළ ප්‍රාන්තයේදී මරණයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මලප්පුරම් ප්‍රදේශයේ පදිංචිව මෙම තරුණයා උසස් අධ්‍යාපනය ලබමින් සිටි අයෙක් බවත් ඔහුට පසුගිය (04) වනදා උණ ගතියක් ඇතිවීමෙන් පසු රෝහල්ගත කළ බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරයි.

කෙසේ වෙතත් මේ වනවිට මියගිය එම තරුණයාගේ සමීපතමයින් 151 දෙනෙක් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවද එරට සෞඛ්‍ය අංශ සදහන් කරයි.

නිපා වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීමක් කර ඇති අතර ඉන් වැළකීමට එන්නතක් හෝ වෙනත් ප්‍රතිකාරයක් මේ වනවිට සොයාගෙන නොමැත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka