වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන (21) වැනිදා ජයග්‍රහය කිරීමත් සමග රටේ සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර සදහන් කරයි.
මනුෂ නානායක්කාර තවදුරටත් සදහන් කළේ,
“එදා ගෑස් තෙල් නැතිව, බෙහෙත් නැතිව මිනිස්සු මැරෙද්දී දුක් විදපු මිනිස්සු දිහා ජනාධිපතිතුමා බැලුවා. එහෙම දුක් විදපු මිනිස්සු දිහා බලපු එක වරදක් නම්, තෙල් ටික, ගෑස් ටික, බෙහෙත් ටික දීපු එක වරදක් නම් අපිට විරුද්ධව ඡන්දය දෙන්න පුලුවන්. එහෙම නැතිව මේ රට සාමාන්‍ය තත්වයකට පත් කරන්න කටයුතු කරපු එකට කෙලෙහිගුණ සලකන ජනතාව බය නැතිව ඡන්දය ප්‍රකාශ කරනවා.
මේ රටේ බහුතරයක් කෙලෙහිගුණ දන්න ජනතාවක්. අර සියයට තුනක් විතර කෙලෙහිගුණ නොදන්න අය ඉන්නවා. මේ රටේ සංවර්ධන ව්‍යාපෘතිවලට අකුල් හෙලපු, රටේ සංවර්ධනය ඒ අයගේ විනාශයක් විදියට දැකපු හැමදාම මේ රට විනාශ කළ කණ්ඩායමක් ඉන්නවා. ඒ සුරංගනා කතාවලට රැවටිලා රැල්ලට යන පිරිසකුත් ඉන්නවා.
ඒ අය ගිය පාරත් ඔය විදියට රැල්ලට ගියා. ඒ අයම මේ පාරත් රැල්ලට යනවා පේනවා. ගියපාර රැල්ලට ගිහින් රටට වුන දේ මිනිස්සු දැක්කා. ඒ හා බලාගෙන මිනිස්සු ගන්න ඕන තීන්දුව අරගන්නවා. ජනතාව දිනන මැතිවරණයට රජයට කුමන්ත්‍රණ කිරීමට අවශ්‍ය නෑ. අපි ආරක්ෂක අංශ සීරුවෙන් තියලා තියෙනවා.
රටේ බොරු රැලි නිර්මාණය කරලා තියෙන අය ඡන්ද ලක්ෂ විස්සක් විසිපහක් ගන්න හදනකොට සමහර වෙලාවට රට ඇතුලේ කැරලි ඇතිකරන්න පුලුවන් කියලා සමාජ මාධ්‍ය වාර්තාවල තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහය කිරීමත් එක්ක රටේ සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ආරක්ෂක ඇමැතිවරයා, සේනාධිනායකයා විදියට අරගන්නවා.”
ගාල්ල, නෙළුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මනුෂ නානායක්කාර මේ බව සදහන් කරයි.