gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පැරදෙන පොහොට්ටු රටින් පනිනවා... දිනන අපි රටින් පිටවෙන්නේ නෑ - නිමල් ලාන්සා

ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සියයට පනහකට වැඩි ප්‍රතිශතයක් ගන්නා බවත් පොහොට්ටුවේ පිරිස් රටින් ගියත් ජනතාව එක්ක ඉන්න අපි රට දමා නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මීගමුව වැල්ලවීදිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සිය ජන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

“රනිල් වික්‍රමසිංහ මහතා ඉති විශිෂ්ඨ අයුරින් ජයග්‍රහණය කරනවා. ආර්ථිකය වැටිලා තියෙද්දි මේ රට ගොඩගන්න විශාල වැඩකොටසක් සිදු කළා. ඒ නිසා රටේ ජනතාව කළගුණ සලකන දවස අදයි.

පරාජය වෙන පොහොට්ටුවේ පිරිස් රටින් පිටවුනත් ජයග්‍රහණය කරන අපි කිසිසේත් රටින් පිටවෙන්නේ නැහැ. පොහොට්ටුවේ අය රටින් පිටත් වුනාට අපි පොහොට්ටුවට විරුද්ධව මැතිවරණය කරන පිරිස. ආණ්ඩුවේ කවුරුත් රටින් පිටවෙන්නේ නැහැ. ජනතාව එක්ක ඉන්න අපිට රටින් පිටවෙන්න අවශ්‍යතාවයක් නැහැ. ආණ්ඩුවෙන් එළියට ගිය නාමල් රාජපක්ෂ ඇතුලු නඩය ජනාධිපතිතුමාට විරුද්ධව වැඩකරන අය. සජිත් ප්‍රේමදාස බලයට ගේන්න වැඩකරන අය. සජිත් ප්‍රේමදාස මහතා පරාජය වෙන්න යන බව දැනගත්තම ඒ අය රටින් යනවා.

රනිල් වික්‍රමසිංහ මහතා රටේ සාමය, ස්ථාවරත්වය, ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගුවා. ඒ නිසා රටේ විශාල පිරිසක් තීරණය කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහතා යළිත් ජනාධිපති කරන්න. දෙවැනි මනාපයක් ගණන් කිරීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා සියයට පනහ ඉක්මවා ජන්දය ගන්නවා.

රනිල් වික්‍රමසිංහ පරාජය කරන්න පොහොට්ටුව අය සජිත් එක්ක ගිවිසුම් ගහලා පරාජය වෙන බව දැනගෙන ආරක්ෂාව නැහැ කියලා රටින් යනවා.”


– Media unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka