gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ තොගයක් නැවතත් මෙරටට ගෙන්වලා!

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසන්නේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ තොගයක් නැවතත් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බවයි.

එම ඖෂධ තොගයේ ප්‍රමාණය වටිනාකම සහ ඒ සඳහා මුදල් ගෙවීමේ ක්‍රමවේදය සම්බන්ධයෙ විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අද (30) විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කළේය.

ඔහු පවසන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට පත්වීමෙන් පසුවද මෙරටට නැවතත් ඉන්දියාවේ සිට ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබ්යුලීන් ඖෂධ තොගයක් ගෙන්වා ඇති බවට වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ දේදුනු ඩයස් මහතා වාර්තාවක් මගින් පෙන්වා දී ඇති බවයි.

එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ එම ඉන්දියාවෙන් ආනයනය කළ ඉමියුනොග්ලොබ්යුලීන් ඖෂධ තොගයද ප්‍රමිතියෙන් තොර වීම මත මෙම වසරේ සැප්තැම්බර් මස සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් කර ඇති බවයි.

වෛද්‍ය චමල් සංජීව මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මෙරටට ඖෂධ ආනයනය කිරීමේදී අනුගමනය කළ යුතු නිසි රසායනාගාර පරීක්ෂණ ක්‍රමවේදයන්ගෙන් පරිබාහිරව සහ ඖෂධ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයන්ට පටහැනිව මෙම ඖෂධ ගෙන්වීම සඳහා අවසර ලබාදුන් නිළදාරීන්ට එරෙහිවද නිසි විමර්ෂණයක් සිදු කළයුතු බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka