කබ්‍රාල් ඇතුලු 05කට ලබන 10 දා අධිකරණයේ පෙනී ඉන්නට අධිකරණය නියෝග කරයි
ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවට අදාලව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ඇතුළු 05 දෙනෙකුට ලබන මස 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අද නියෝග කළේය.
අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත්තේ දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටිය දී ග්‍රීක රජය නිකුත් කර භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමට ගොස් රජයට රුපියල් කෝටි 184 පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමිනි.
මීට පෙර මෙම ගනුදෙනුවට අදාලව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර නඩු පැවරූ අතර කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිචෝදනා පත්‍ර අත්සන් තැබූ දින වකවානු සම්බන්ධව ගොඩනැගුන තාක්ෂණ දෝෂය මත විත්තිකරුවන් නිදහස් කරනු ලැබුවේය.
තාක්ෂණික දෝෂය නිවැරදි කරමින් කොමිසම නැවත පසුගිය අගෝස්තු 21 වැනිදා නැවත නඩු පැවරීමට කටයුතු කළේය.
මේ අනුව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසේන ජයසිංහ, පණ්ඩිත සිරිවර්ධන සහ එම් ඒ කරුණාරත්න යන විත්තිකරුවන්ට එම සිතාසි නිකුත් කර තිබිණි.
කබ්‍රාල් ඇතුලු 05කට ලබන 10 දා අධිකරණයේ පෙනී ඉන්නට අධිකරණය නියෝග කරයි
2024-09-27T08:44:00+05:30
Gossip Lanka Hot News






