මැතිවරණ පැමිණිලි ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මැතිවරණ නීති උල්ලංඝනය කර මාතලේ නගරයේදී ප්‍රදර්ශනය කරමින් තිබූ වීදි නාට්‍යයක් අසලට එහි නිලධාරින් ලගාවන අවස්ථාවේදී එම පක්ෂයේ බලවතුන් ඇතුළු නළු නිලියන් මොකුත් නොදන්නා සේ විසිර ගොස් ඇත.
එම වීදි නාට්‍යය රටේ ප්‍රධාන පක්ෂයක ස්වාධීන අපෙක්ෂයකුට සහාය දැක්වෙන අයුරු ඇඟවෙන වීදි නාට්‍යයක් වන අතර ඔහුගේ රුව රැගත් පෝස්ටර් අතැතිව එම ස්ථානයේ පුද්ගලයින් රැසක් රැදී සිට ඇති අතර මැතිවරණ නිලධාරීන් පැමිණීමට පෙර නළු නිලියන් ඇතුළු පක්ෂයේ බලවතුන් එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.
එලෙස පැමිණි පුද්ගලයින්ට ආහාර ලබාදීමට සූදානමක් ඇති බවට මාතලේ මැතිවරණ පැමිණිලි ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව මාතලේ සහකාර ප්‍රධාන තේරීම් භාර නිලධාරිවරයා ඇතුළු නිලධාරීන් පොලිසිය සමග එම ස්ථානයට ගොස් පරීක්ෂා කර ඇත.
අනතුරුව එම ස්ථානයෙන් පිටතට පැමිණ සුළු මොහොතකට පසු සංචාරක හෝටල් පාසල් ශ්‍රවණාගාරය ඉදිරිපිට මැතිවරණ නීති උල්ලංඝනය කරමින් නාට්‍යයක් පවත්වන බවට නැවතත් ලැබුණු පැමිණිල්ලකට අනුව එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේදී වීදි නාට්‍යයේ නියැළී සිටි පිරිස විසිර ගොස් ඇත.