ස්වාධීන ජනාධිපති අපේක්ෂක සිඩ්නි ජයරත්න පොළොන්නරුව පුලස්තිගම 400 නගරයේදී පැවැති ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රවර්ධන ජන හමුවක් අමතමින් සිටියදී හදිසියේම ඇමැතීම නතර කර වේදිකාවෙන් බස්සවනු ලැබුවේය.
මැතිවරණ නීති අනුව ජනාධිපති අපේක්ෂකයකුට වෙනත් ජනාධිපති අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සදහා කටයුතු කළ නොහැකි බැවින් පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ ඒකකයේ ප්‍රධානි රුවන් රාජශිල්ප විසින් ඔහුව වේදිකාවෙන් බස්සවනු ලැබුවේය.
ඒ අනුව රට තුළ ක්‍රියාත්මක මැතිවරණ නීති අනුව ස්වාධීන ජනාධිපති අපේක්ෂක සිඩ්නි ජයරත්නට අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රවර්ධන ජන හමුව ඇමැතීම නතර කිරීමට සිදුවිය.