තමන්ගේ රටේ ජනතාවට මැරිලා වැටෙනකොට, රටේ දරුවන්ට එන්නත් නැතිවෙනකොට, පාරවල් වල පෝලිම් වල මිනිස්සු මැරෙනකොට රට බාරගැනීමට කීවත් පැනලා ගිය නායකයා සජිත් ප්‍රේමදාස බව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර සදහන් කරයි.
එළඹෙන (22) වැනිදා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට එපාට්මන්ට් එකට හෝ යාල වනාන්තරයට පැන යාමට සිදුවන බවත් මරණ දඬුවමට ලක්ව සිටින සිරකරුවෙක් නිදහස් කිරීම වෙනුවෙන් රූපවාහිනි නාලිකාව සහයෝගය ලබාගැනීමට තරම් ඔහු ප්‍රතිපත්ති නැති දේශපාලඥයෙක් බවද මනුෂ නානායක්කාර සදහන් කරයි.
සජිත් ප්‍රේමදාස කිසිදු ප්‍රතිපත්තියක් නැතිව හැමෝටම කැමැත්ත පළ කරන බවත් තමන්ට අවශ්‍ය දේවල් සිදුකර ගැනීමට මාධ්‍ය නාලිකාවක සහයෝගය ලබාගැනීමට කටයුතු කරන බවත් රට හදන හැටි විමසන විට තාත්තා කෙත්තාරාමය හැදු හැටි ප්‍රකාශ කරන බවද මනුෂ නානායක්කාර සදහන් කරයි.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අභියෝගයක් බාරගැනීමට පුළුවන් නායකයෙක් නොවන බවත් ඔහු සුපුරුදු පරිදි අභියෝගවලින් පැන යන බවත් එදා රට බාරගැනීමට අවස්ථාව තිබියදී පැනගිය සජිත් ප්‍රේමදාස දෙරණ රූපවාහිනී නාලිකාවේ 360 සජීවි වැඩසටහනට සහභාගී නොවී පැනයාම අමුත්තක් නොවන බවද සදහන් කරයි.
දෙරණ රූපවාහිනී නාලිකාවේ 360 සජීවි වැඩසටහන වෙනුවට හදිසියේම කැදවන ලද වාදපිටිය වැඩසටහනට එක්වෙමින් මනුෂ නානායක්කාර මේ බව සදහන් කරයි.