නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා අවසන්... ලැබී නැත්තම් පැමිණ ලබාගන්න
තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අද (14) දිනයෙන් අවසන් කරන බවයි.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, අද දිනයේ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත්, තම ප්‍රදේශයේ පිහිටි තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර එය ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.
තැපැල් කාර්‍යාලයට තම නිල ඡන්ද පත්‍රිකාව ලැබී නොමැතිනම් අදාල ග්‍රාම නිළධාරීවරයාගෙන් ඡන්ද හිමි නාමලේඛනයේ තම නම ඇතුළත්වී ඇතිද යන්න පරීක්ෂා කරගත යුතු බව පසුගියදා මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.
කෙසේවෙතත් ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත් වේ නම්, ඡන්දය ප්‍රකාශ කිරීමට නිල ඡන්ද පත්‍රිකාව අත්‍යවශ්‍ය නොවන බවද හෙතෙම සඳහන් කළේය.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා අවසන්... ලැබී නැත්තම් පැමිණ ලබාගන්න
2024-09-14T09:05:00+05:30
Gossip Lanka Hot News





