ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති ධූර අපේක්ෂක අනුර දිසානායක මහතා ඊයේ (13) මොනරාගල පැවති ජන රැළිය අමතමින් පොලීසියෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළේය.
ඔහු පවසා සිටියේ, 21 වෙනිදා ජාතික ජන බලවේගයේ ජයග්රහණයෙන් පසුව යම් කලබලකාරී තත්වයක් ඇතිකිරීමට විරුද්ධ පාර්ශවයන් විසින් උත්සාහයන් දැරිය හැකි බැවින් සාමය බිඳවැටෙනා කඩාකප්පල්කාරී ක්රියා වලට කිසිදු ඉඩක් නොතබා නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පොලිස් නිළදාරීන්ගේ සහයෝගය ලබාදෙන ලෙසයි.
එමෙන්ම මින් මාස කිහිපයකට පෙර මාලිමාවට කිසිසේත් ජයග්රහණය කල නොහැකි බවට අවලාද නැඟූ පිරිස් විසින් මේ වනවිට මාලිමාව ජයග්රහණය කිරීමෙන් පසු සිදුවිය හැකි දෑ පුරෝකථනය කිරීමෙන් ඔවුන් මේ වනවිටත් පරාජය බාරගෙන ඇති බව පිළිබිඹු වන බවද දිසානායක මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් පැවසූවේ මාලිමාව විසින් මෙවර අත්කරගැනීමට නියමිත ජයග්රහණය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කර ඇති බවත් එලෙස ලබාගන්නා ජයග්රහණය මාස 6කින් අවසන් වනු ඇතැයි සිතීම සම්බන්ධයෙන් අනුකම්පා කරනා බවයි.
එම වීඩියෝව පහතින්,