gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නව ජනපති පත්වී දින 10-12ත් අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පුළුවන් – මැතිවරණ කොමසාරිස් ජනරාල්

මෙම මස 21 වැනිදා ජනාධිපතිවරණයෙන් පසු පත්වන නව ජනාධිපතිවරයාට සිය පත්වීමෙන් පසු දින 10ත් 12ත් අතර කාලයකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

එසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු දින 35ත් 44ත් අතර කාලයකදී මහ මැතිවරණය පැවැත්විය යුතු බව පවසන ඒ මහතා අවශ්‍ය නම් දින 52ත් 66ත් අතර උපරිම කාලසීමාවක් ඒ සඳහා ගැනීමට හැකියාව ඇතැයිද සඳහන් කරයි. මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනාධිපතිවරයාගේ අභිමතය මත සිදු කළ හැකි බවත් එසේ නැතිනම් වත්මන් පාර්ලිමේන්තු කාලසීමාව අවසන් වන තුරු පවත්වාගෙන යා හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු මෙම මස 18 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් කළ යුතු බව ද හෙතෙම කියා සිටී. 21 වැනිදා පෙරවරු 7.00 සිට ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම ආරම්භ වන බවත් ඒ සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,417ක් ක්‍රියාත්මක බවත් පවසන මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා එදින පස්වරු 4.00ට ඡන්ද විමසීම අවසන් වන බවත් පවසයි.

නිල ඡන්ද පත්‍රිකාව නැතත් ඡන්ද ලේඛනයේ තම නම තිබේ නම් ජාතික හැඳුනුම්පත රැගෙන නියමිත ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය භාවිත කළ හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

චමින්ද සිල්වා
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka