හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටු සාමාජික මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් පෙත්සමක් ගොනු කර ඇත.
අදාළ පෙත්සම අද (02) දින අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් ඉදිරියේ කැඳවනු ලැබු අතර පෙත්සම සලකාබැලීම සඳහා මේ මස (27) වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත් අප්‍රේල් මස අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව මෛත්‍රිපාල සිරිසේන පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙන බවත් ඒ තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව පෙත්සම්කරු සඳහන් කරයි.
වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කළේ, තම සේවාදායකයා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව ඔහු පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.