ජවිපෙට එරෙහිව පසුගිය දශක තුනක කාලයක් පුරා සිදුවූ ඝාතන සහ ප්රචණ්ඩ ක්‍රියා සඳහා වගකිව යුත්තන් ජාතික සහ ප්‍රාදේශීය මට්ටමින් සෙවීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට ජවිපෙ දේශපාලන මණ්ඩලය විසින් පසුගිය දා තීරණය කරන ලදී.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ ග්‍රාමීය මට්ටමින් පිහිටුවනු ලබන ජවිපෙ කොට්ඨාශ සභා විසින් ග්රාමීයව පසුගිය දශක තුනක කාලයේ ජවිපෙට එරෙහිව ප්රචණ්ඩ ක්‍රියා සිදුකරන ලද පුද්ගලයින් සහ සංවිධාන පිළිබඳව සෙවීම සිදුකරනු ලබන අතර කොට්ඨාශ සභා මගින් යොමු කරන එම පැමිණිලි ජාතික මට්ටමින් විභාග කිරීම සඳහා මෙම විශේෂ කොමිසම කටයුතු කරනු ලබයි. එයින් වැරදිකරුවන් වන අයට දැඩි දඬුවම් පැමිණවීම සඳහා විශේෂ අධිකරණ බලයක් සහිතව පිහිටුවනු ලබන මෙම කොමිසම අධිකරණ සංවිධාන පනතට ගෙන එන සංශෝධනයක් මගින් ස්ථාපිත කිරීමට නියමිතව ඇත.
මේ පිළිබඳව ජනාධිපතිවරණය ජයග්‍රහණය කල විගසම අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළයුතු බව ජවිපෙ දේශපාලන මණ්ඩලය ඊයේ ඒකමතිකව තීරණය කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි