මම වැඩි ඡන්ද ලක්ෂ විස්සකින් දිනනවා… දිනපු ගමන් පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර ලීක්වී අසාධාරණයට ලක් වුන දරුවන්ට සාධාරණය කරනවා… සජිත් කියයි!
බුද්ධි අංශ වාර්තා අනුව සමගි ජන බලවේගය අනිවාර්යයෙන් ලක්ෂ විස්සක වැඩි ඡන්දයෙන් දිනන බව සජිත් ප්‍රේමදාස පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස ට සහයා දක්වමින් මොනරාගලදී සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමිනි.
උතුම් දළදා සමිඳුන්ට මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පූජා කරලා මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළා. මම විශ්වාස කරනවා එසේ කරලා මේ රටේ පාලකයා වන පළවෙනි පාලකයා ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස බව. සජිත් ප්‍රේමදාස කීවේය.
ඉන් අනතුරුව ඇඹිලිපිටියේ සහ අම්බලන්ගොඩ පැවති ජනරැළි අමතමින් ඔහු ප්‍රකාශ කළේ 21 වැනිදායින් පසු බිහිවන තමන්ගේ ආණ්ඩුවක් යටතේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර පිටවීමෙන් අසාධාරණයට ලක් වූ දරු දැරියන්ට සාධාරණයක් ඉටු කරන බවය.
“අන්ත අසරණ භාවයට පත් වුන ඒ ශිෂ්‍යත්ව වභාගයට මුහුණ දුන්න දූ දරුවන් වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම සාධාරණත්වයක් ඉෂ්ට කරනවා. ” සජිත් ප්‍රේමදාස පැවසුවේය.
අනතුරුව ඇඹිලිපිටියේ ජන රැළිය අමතමින්ද ඔහු ශිෂ්‍යත්ව විභාගය ගැන කතා කළේය.
රනිල් වික්‍රමසිංහ කියනවා පුලුවන්ලු. අනුර කුමාර දිසානායක කියනවා එයාගෙ බොසාට පුලුවන් නම් මටත් පුලුවන්ලු.
හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් අහනවා පුලුවන්නම් ඇයි හරියට පහේ ශිෂ්‍යත්ව විභාගය තියාගන්න බැරි. ප්‍රශ්න පත්තරේ ලීක් වෙලා. ඉතින් මම අහන්න කැමතියි රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන්
මොකද ලීක් වෙන්නේ. මොකද කාන්දු වෙන්නේ.
ඊලඟ කාරණාව මම මේකට ආරාධනා කරනවා ඔබ සියලුදෙනාටම සොයලා බලන්න කියලා. මම අහනවා අනුර කුමාර දිසානායක මහත්මයාගෙන් කවුද ප්‍රශ්න පත්තරේ ලීක් කළේ. වයඹ පලාතේ කොයි ප්‍රදේශයේ ද?. කොයි දිස්ත්‍රික්කයේ ද?. ලීක් කරපු පුද්ගලයා මොන පක්ෂයේ ද?
මම උත්තර දෙන්න යන්නේ නෑ. මම අහනවා අනුර කුමාර දිසානායක මහත්තයගෙන් ඔය ප්‍රශ්නෙට උත්තරේ දෙන්නකො බලන්න.
ඉතින් ලීක් උන පාලනයයි ලීක් කරපු පුද්ගලයොයි දැන් හොඳට ජෝඩු වෙලා. දේශපාලන ජෝඩුවක් වෙලා. හැබැයි මතක තියාගන්න, මේ අයගේ කුමන්ත්‍රණකාරී දේශපාලන විවාහය 21 වැනිදා දුරකථනයට ලැබෙන විශිෂ්ට ජන බලයෙන් ජන වරමෙන් මේ දීගය දික්කසාද වෙනවා කියන එක මේ අවස්ථාවේ දී කියන්න කැමතියි.
-lankasara
මම වැඩි ඡන්ද ලක්ෂ විස්සකින් දිනනවා… දිනපු ගමන් පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර ලීක්වී අසාධාරණයට ලක් වුන දරුවන්ට සාධාරණය කරනවා… සජිත් කියයි!
2024-09-19T07:50:00+05:30
Gossip Lanka Hot News






