ජනාධිපතිවරණය ළං වෙත්ම එහි ප්‍රතිඵලය වෙනුවෙන් වූ විදෙස් රටවල් තුනක කුමන්ත්‍රණකාරි මැදිහත් වීම් වේගවත් වී ඇතැයි ද ඉන් එක් රටක් අනෙක් රටවල් දෙකටත් වඩා දැඩි පරිශ්‍රමයකින් ක්‍රියා කරමින් ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.
ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාව තුළ අරාජික තත්ත්වයක් ඇති කිරීම හරහා තම භූ දේශපාලන තත්ත්වයන් වෙනුවෙන් භාවිතා කිරීමට එක් රටක් උත්සාහ ගන්නා අතර, ඇතැම් බටහිර බලවතුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාව පාලනය කිරීමටත්, මාන බලමින් සිටින විදෙස් රටවල් කිහිපයක් මෙසේ දැඩි පරිශ්රමයක යෙදෙමින් ඇතැයි විචාරකයෝ මත පළ කරති.
විශේෂයෙන් පසුගිය කාලයේ බංගලාදේශයේ ඇති වූ තත්ත්වය නිසා මෙම විදෙස් බලවතුන් තම උපාය මාර්ගයන් වේගවත් කරන්නට ඇතැයි දේශපාලන විචාරක මතය වී තිබේ.
ඒ අනුව ඉදිරිපත් වී සිටින මේ එක් අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය සහතික කිරීම වෙනුවෙන් එම අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන පළමු කිහිපදෙනෙකු පමණක් සිටින කණ්ඩායම්වලට පවා විදෙස් නියෝජිතයන් පත්කර එළිපිටම වාගේ මේ අතපෙවීම් සිදුවෙමින් ඇතැයි එම දේශපාලන ආරංචි මාර්ග පවසයි.
– විදුනෙත් සියඹලාපිටිය