gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් 21 රෑ පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ අවදානමක්..

යන යකා කොරහත් බිඳගෙන යන්නාක් සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැප්තැම්බර් 21 වැනිදා ඡන්දය නිමා වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අවස්ථාවක් ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. ඊයේ රූපවාහිනී සංවාදයකට  එක්වෙමින් අනුර කුමාර දිසානායක පැවසුවේ එවැනි අවස්ථාවක ඡන්දයෙන් පත්වන නව  ජනාධිපතිවරයාට රට පාලනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇති  බවය.

මේ තත්ත්වය සම්බන්ධව තවදුරටත් කරුණු දක්වමින් ජනාධිපති  නීතීඥ උපුල් කුමාරප්පෙරුම අද මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ප්‍රකාශ කළේ එවැනි තින්දුවක් වත්මන් ජනාධිපතිවරයාට ගැනිමට ව්‍යවස්ථාපිත බලයක් ඇති නමුත් එම තින්දුව ගතහොත්  එය ජනතාවට සහ රටට අහිතකර ප්‍රතිවිපාක ඇති කළ හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ තේරී පත්වන නව ජනාධිපතිවරයෙකුට බලය සම්ප්‍රේෂණය කිරීම ජනතාවට අහිතකර බලපෑම් ඇති නොකර ප්‍රජාතන්ත්‍රවාදීව සිදුවිය යුතුවීම සදචාර සම්පන්න සමාජයක මූලික  අපේක්ෂාවක් බව ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේය .

“ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හැකිය.එවැනි අවස්ථාවක නව ජනාධිපතිවරයාට අනුගමනය කළ යුතු විධිවිධාන කිහිපයක් තිබෙනවා. කෙසේ වෙතත් එය බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකියි.”

“අලුතින් පත්වූ ජනාධිපතිවරයාට ප්‍රජාතන්ත්‍රවාදීව බලය සම්ප්‍රේෂණය කළ යුතුයි. එයින් අයහපත් බලපෑමකට ලක් නොවිය යුතුයි. ජනාධිපතිවරයා එසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් එය ඔහු ජනතාවට සහ රටට කරන අශික්ෂිතම දෙයක් වනු ඇති.” උපුල් කුමාරප්පේරුම කිවේය.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka