තමන් නමින් ව්‍යාජ ලිපියක් නිර්මාණය කරමින් පාරාජිකා වූ දේශපාලන කණ්ඩායමක් සිදුකළ පහත් පෙලේ උත්සහයක් අසාර්ථක වූ බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ පවසනවා. මෙරට සිටි කීර්තිමත් ව්‍යාපාරිකයෙකු වූ Dilmah සමාගමේ හිමිකරු වූ මෙරිල් ජෝශප් ප්‍රනාන්දුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් සැකසූ ලියවිල්ල සම්බන්ධවයි ඔහු මේ බව සඳහන් කරන්නේ.
“මෙරිල් ජේ. ප්‍රනාන්දු කියන්නේ මෙරට තේ කර්මාන්තයේ සිටි කීර්තිමත් ව්‍යාපාරිකයෙක්. 2023 ජූලි 23 වෙනිදා ඔහු මියගියේ වාසය අවුරුදු 93 දී. ඔහුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගෙන ව්‍යාජ ලෙස සකස් කළ අපිට මඩ ගහන්න මේ ඡන්දයෙන් පරාජය වන කණ්ඩායමක කිහිප දෙනෙක් උත්සහ දරා තිබුණා. හැබැයි පළමු පැයේදී ම Dilmah සමාගම නිල වශයෙන්ම නිවේදනයක් නිකුත් කරමින් ඒ බොරුව ගැන කිව්වා. ඒ ආයතනයේ සමාගම් ලේකම්වරිය විසින් ඒ ගැන නිල නිවේදනයක් අද නිකුත් කරලා තිබුණා.
මේ අසත්‍ය, නින්දාසහගත, ව්‍යාජ, මඩ ව්‍යාපාරය සංධා මුදලට වැඩ කරන්නේ පාරාජිකා වුණු කණ්ඩායමක්. මේ අය කාලයක් මහින්ද වෙනුවෙන් අඩු පඩියට අපිට මඩ ගැහැව්වා. ඊට පස්සේ මෛත්‍රී පස්සේ ගියා. ගෝඨාගෙන කීයක් හරි අරගෙන අපිට මඩ ගහන්න ට්‍රයි කළා. දැන් මේ තුන් හතර දෙනා ඉන්නේ ලෝරිස් පාරේ තැනක. ඒක පුතාණෝගේ තැනක්. ඒ අයට ඔය වැඩේ කරන්න සමහර නාලිකාවක වාර්තාකරුවන් කිහිප දෙනෙකුත් අල්ල ගෙන ඉන්නවා. මේ දෙතුන් දෙනාට කරන්න තියෙන්නේ මේ වගේ වැඩ විතරයි. මේ වැඩ අමාරුවෙන් හදලා එලියට දාලා පැය විසි හතරක් අල්ල ගෙන ඉන්න බැහැ. ඒ තරමටම මේ බොරු අසාර්ථකයි.
Dilmah සමාගමේ නම පාවිච්චි කරලා, ව්‍යාපාරික ලෝකයේ කීර්තිමත් ව්‍යාපාරිකයෙක්ව සිටි මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතාගේ අත්සනත් නමත් යොදා ගෙන මේ කළේ මේ රටේ ව්‍යාපාර ක්ෂේත්‍රයට බරපතල අපරාධයක්; අපහාසයක්.
මේ වැඩෙන් සිද්ධ වුණේ අපේ අවංක භාවයට, අපේ දේශපාලනයට, අපේ වෘත්තීය සමිති ව්‍යාපාරයට විතරක් නෙමෙයි අනුර සහෝදරයාගේ ජයග්‍රහණයටත් සහතිකයක් ලැබීම.
මේ, අපට එරෙහිව කුමන්ත්‍රණ එකපිට එක නිර්මාණය කරන සතියක්. ඉදිරි දින කිහිපය මීටත් වඩා මඩ ගහයි. අවලාද නගයි. අපහාස කරයි. පහර දෙයි. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකර රටේ ජයග්‍රහණය නිල වශයෙන් ප්‍රකාශ කරන සැප්තැම්බර් 22 දක්වා අවදියෙන් ඉන්න. ජයග්‍රහණය වෙනුවෙන් එකතු වෙන්න” යි වසන්ත සමරසිංහ මහතා පවසනවා.