එජාප නායකත්වයෙන් ඉවත් වීමට රනිල් සැරසෙයි… නායකත්වය රුවන් විජේවර්ධනට…
එක්සත් ජාතික පක්ෂ නායක ධූරයෙන් සහ එහි ක්‍රියාකාරී දේශපාලනයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉවත් වීමටත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය රුවන් විජේවර්ධන වෙත ලබා දීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
පක්ෂය තුළ එම වෙනස් වීම් ඇති වන්නේ ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සමග සමගි ජන බලවේගය එකතු වී දේශපාලන එකමුතුවක් නිර්මාණය කරගැනීම සඳහා බව වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ සමග සන්ධානගතවීමක් නොමැති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස දැඩි ලෙස සිය ස්ථාවරය ප්‍රකාශ කිරීම නිසා ඉදිරි දේශපාලන එකමුතුවට අවශ්‍ය පරිසරිය සකස් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වී රුවන් විජේවර්ධනට පක්ෂය මෙහෙයවීමේ වගකීම පැවරීමට සූදානම් වී ඇති නමුත් මෙම බලය පැවරීම ස්ථිරවම සිදුවන්නක් ද යන්න පැහැදිලි නැත.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකමුතු කිරීමේ සාකච්ඡා වට තුනක් ඊයේ පැවැත්වුන බවත් අදත් එම සාකච්ඡා ක්‍රිියාත්මක බවත් එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග තහවුරු කරයි.
එජාප නායකත්වයෙන් ඉවත් වීමට රනිල් සැරසෙයි… නායකත්වය රුවන් විජේවර්ධනට…
2024-09-25T20:31:00+05:30
Gossip Lanka Hot News






