මේ වන විට බන්ධනාගාර රෝහල තුළ දැඩි තදබදයක් නිර්මාණය වී ඇති බැවින් කුමණ ප්‍රභූ තලයක් නියෝජනය කළත් අසනිප තත්ත්වයක් නොමැති කිසිවෙකුත් බන්ධනාගාර රෝහළට ඇතුලත් කර නොගැනීමට අභ්‍යන්තර පරිපාලනය තුළ සාකච්ඡාවක් ඇති වී තිබෙන බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
ඉදිරියේ දී යම් නඩු කටයුතුවල ප්‍රතිඵළ ලෙස බන්ධනාගාරගතවිය හැකි පුද්ගලයින් යම් බලයක් සහිතව සිටි අය නම් ඔවුන්ගේ සුපුරුදු ගමනාන්තය බන්ධනාගාර රෝහල විය හැකි බැවින් ඇතිවිය හැකි තත්ත්වයන් සම්බන්ධව එම සාකචඡාවේ දී අවධානය යොමු වී ඇත.
මෙම නඩු කටයුතු සිදුවන්නේ නම් ඒ සඳහා යම් කාලයක් ගතවන නමුත් ඇතිවිය හැකි තත්ත්වයන් සම්බන්ධව තක්සේරුවක් සහිතව පූර්ව සැලසුමක් අවශ්‍ය බව බන්ධනාගාර නිලධාරීන්ගේ මතය වී තිබේ.
රැදවියන්ගේ දැඩි අවධානයක් ද මෙම පුද්ගලයින්ට යොමුවන බවක් පෙනෙන්ට ඇති බැවින් තත්ත්වය සංකීර්ණ නොකර පාලනය කරගැනීමට ප්‍රායෝගිකව කළ හැකි දේ ගැන ද ඔවුන් සාකච්ඡා කර ඇති බව ආරංචි මාර්ග කියයි.