gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇඳිරිනීතිය මධ්‍යාහන 12 දක්වා දීර්ඝ කරයි

ජනාධිපතිතුමාට මහජන ආරක්ෂක පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව 2024.09.21 දින නිකුත් කර ලද අංක 2402/23 දරණ ගැසට් පත්‍රය මගින් 2024.09.21 වන දින රාත්‍රි 10.00 සිට 2024.09.22 වන අද දින උදෑසන 6.00 දක්වා මුළු දිවයිනටම සහ දේශීය ජල තීරයට බලපැවැත්වෙන පරිදි පනවන ලද ඇඳිරිනීතිය 2024.09.22 වන අද දින දහවල් 12.00 දක්වා තවදුරටත් දීර්ඝ කර ඇත.

ඇඳිරිනීතිය පවතින කාල සීමාව තුල තවදුරටත් තම නිවෙස්වලට වී කාලය ගත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, පෙර පරිදිම මෙම කාලසීමාව තුල ඡන්ද කටයුතු රාජකාරී යෙදී සිටින නිලධාරීන්ට අදාලව බලයලත් නිලධාරීන් විසින් නිකුත් කර තිබෙන හැඳුනුම්පත්, බලයලත් ලේඛන ඇඳිරිනීති බලපත්‍ර ලෙස භාවිතා කළ හැකි අතර, විදේශගත වීමේ අපේක්ෂාවෙන් ගුවන් තොටුපල වෙත ගමන් කරන සහ විදේශවල සිට පැමිණ ගුවන් තොටුපලෙන් පිටවන සියළු දෙනාට ඔවුන්ගේ ගුවන් ටිකට් පත්‍රය හෝ ඒ බව තහවුරු කිරීම සඳහා තිබෙන ලේඛණ ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිතා කළ හැක.

මීට අමතරව අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන ආයතනවල අදාල සේවකයන් සඳහා ඔවුන්ගේ රාජකාරී හැඳුනුම්පත හෝ සුදුසු ලේඛණයක් භාවිතා කළ හැකි අතර, එම ලේඛණය සහ අදාල පුද්ගලයාගේ අන්‍යතාවය තහවුරු කිරීමට අවශ්‍ය ලේඛණ පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය.

මෙම කාල සීමාව තුල ඇඳිරිනීතිය ඉතා තදින් ක්‍රියාත්මක කිරීමට සියළුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බැවින්, එය උල්ලංගණය වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොකරන ලෙස සියළුම මහජනතාව වෙත ශ්‍රි  ලංකා පොලිසිය අවධාරණය කර සිටියි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka