ජනාධිපතිගේ සෑම පත්කිරීමකම අවුලක්.. සමහරුන්ට නඩු.. සමහරු අධිකරණවලින් දඬුවම් ලබලා..
අනුර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු කරන කරන සියලුම පත්වීම් වල යම් ප්‍රශ්නයක් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා සඳහන් කරයි. ඒ ඇතැමුන්ගේ චරිතය සම්බන්ධ ප්‍රශ්න ඇති බවත්, ඇතැමුන් අධිකරණ හරහා දඬුවම් ලබන පුද්ගලයන් බවත්, සමහර පුද්ගලයන් අධිකරණවල නඩු පවතින පුද්ගලයන් බවද හෙතෙම පෙන්වා දෙයි.
ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වන විට ඔවුනට දැනට ඇති සියයට හතළිස් දෙකේ ඡන්ද ප්‍රමාණය ද නැති වනු ඇති බව තමන් විශ්වාස කරන බවත් ඔහු පැවසුවේය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල අකුරක්වත් නෑර ඉදිරියට ගෙන යන කණ්ඩායම සිටින්නේත් අනුර දිසානායක මහතා සමගත පැවසූ ඔහු ‘රනිල් කියන්නෙත් අනුර.. අනුර කියන්නේ රනිල්’ යයිද කියා සිටියේය.
පානදුර ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදි.
ජනාධිපතිගේ සෑම පත්කිරීමකම අවුලක්.. සමහරුන්ට නඩු.. සමහරු අධිකරණවලින් දඬුවම් ලබලා..
2024-09-30T07:09:00+05:30
Gossip Lanka Hot News






