දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. පක්ෂයේ දේශපාලන මණ්ඩය රැස්වී මෙම තීරණය ගෙන ඇත. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ඒ බව පැවසීය.
අද වව්නියාවේ පැවැති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇත. ඒ අනුව උතුරු නැගෙනහිර සහ වතුකරයේ සියලුම ප්‍රබල පක්ෂවල සහාය ලැබෙන එකම නායකයා බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිට පත්ව තිබේ.