gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඔස්ට්‍රේලියාවේ පදිංචි ලාංකිකයෙක් දරුවන් ඉදිරිපිට බිරියට පොරොවෙන් කොටා ඝාතනය කිරීමේ අපරාධයට වරදකරු වෙයි!…

දරුවන් ඉදිරිපට දී සිය දික්කසාද බිරියට  පොරොවෙන් කොටා 35 පොළක් තුවාල සිදුකර ඝාතනය කළ ඔස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෙක් එම මිනී මරුම සම්බන්ධ වැරදිකරු බව වික්ටෝරියා ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. වික්ටෝරියානු ශ්‍රේෂ්ඨාධිකරණ ජූරි සභාව  සිකුරාදා  මෙම  මිනීමැරුම් චෝදනාවට 47 හැවිරිදි දිනුෂ් කුරේරා නැමති සැකකරු  වරදකරු කිරීමට පෙර පැය තුනකට ආසන්න කාලයක් සාකච්ඡා කළේය.

පෙරේදා (30) මෙම ඝාතන සිද්ධිය සම්බන්ධ වරදකරු වූයේ 47 හැවිරිදි දිනේෂ් කුරේරා නැමැති පුද්ගලයෙකි. ඔහු සිය 43 හැවිරිදි බිරිය වන නොලෝමි පෙරේරා ඝාතනය කිරීම  සම්බන්ධයෙන්   මාසයක නඩු විභාගයකට මුහුණ දුන්නේය.

දිනේෂ් කුරේරා සහ නොලෝමි පෙරේරා

පෙරේරා ඝාතනය කර තිබුණේ 2022 දෙසැම්බර් 03 වැනිදා ය. මෙල්බර්න් හි ගිනිකොන දෙසින් පිහිටි සැන්ඩ්හර්ස්ට් ප්‍රදේශයේ නිවසේ දී පොලිසිය ඇයව සොයා ගන්නා විට මුළුතැන්ගෙය තුළ ලේ විලක් මැද ඇය මියගොස් සිටියාය.

47 හැවිරිදි දිනුෂ් කුරේරා තම දරුවන් ඉදිරිපිටදී ආරක්ෂක හිස් වැස්මකින් මුළුතැන් ගෙයි පිහියකින් ධරුණු සහ ම්ලේච්ඡ ලෙස පහර දී ඇයව ඝාතනය කර ඇති බවට පැමිණිලි පාර්ශවය චෝදනා කර තිබිණි.

එමෙන්ම මෙම ආරවුල වැලැක්වීමට පැමිණි ඔහුගේ 17 හැවිරිදි පුතාට පොරවකින් කොටා පහර දීම සම්බන්ධව ද ඔහුට චෝදනා එල්ල වූයේය

කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධව ගොනු කර ඇති චෝදනාව නඩුව පුරාම දිනේෂ් කුරේරා විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. එමෙන්ම ඔහු සිය 17 හැවිරිදි පුතාට පහර දි තුවාල කිරීම සම්බන්ධ චෝදනාව ද ප්‍රතික්ෂේප කළේය.

නඩුව ආරම්භයේ දී  කුරේරාගේ නීතීඥයින් ජූරි සභාවට පැවසුවේ ඔහු තම බිරිඳ ඝාතනය කළ බව පිළිගන්නා  නමුත් එසේ කළේ ඔහුගේ ජීවිතය බේරා ගැනීමට සඳහා සිය ආත්ම ආරක්ෂාවට බවය.
ඇය මිනීමරු කෝපයෙන් කුරේරාට පිහියක් පෙන්වා ඔහුගේ ඇඟිලල්ක් ද සපා කෑ පසු ආත්ම ආරක්ෂාව උදෙසා ඇයට පොරවකින් කෙටූ බවත්,  කාන්තාව මියගියේ ඒ තත්ත්වය තුළ බවත් කුරේරා වෙනුවෙන් පෙනී සිටි ආරක්ෂක නීතිඥ ජෝන් ඩෙස්මන්ඩ් අධිකරණයට පැවසීය.

නඩුවේ පළමු දිනයේ දී අභිචෝදකවරයා අධිකරණයට පවසා තිබුනේ නොලෝමි පෙරේරා සිය සැමියාගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව පවසා වෙනත් පිරිමින් දකින බවය. ඒ බව දැනගත් දිනේෂ් කුරේරාට ගැඹුරු වෛරයක් ඇති වී තිබුණ බව ද අභිචෝදක මාර්ක් ගිබ්සන් කේසී චෝදනා කළේය. .

එමෙන්ම නොලෝමි පෙරේරා ) ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටියදී ඇයගේ සැමියා වූ දිනේෂ් කුරේරා වෙනත් කාන්තාවක් සමඟ ජීවත් වෙමින් ඇයව රවටා ඇති බව සොයාගෙන ඇය දුරකථනයෙන් ඔවුන්ගේ විවාහ ජීවිතය අවසන් කළ බව ඔහුට දන්වා තිබුණු බව ද අභිචෝදකවරයා අධිකරණයට පැවසීය.

මාසයක් පුරා ඇදී ගිය නඩුවේ දී  මෙය සැලසුම් කළ ඝාතනයක් බවත්, ඒ  සඳහා දිනේෂ් කුරේරා විසින් සැලසුම් කර තිබූ ආකාරයත් අභිචෝදකරවරයා සාක්ෂි සහිතව අධිකරණයට   හෙළිදරවු කළේය. ආයුධ සහිතව, අඳුරු ඇඳුම් ඇඳගෙන ඇයට නොදන්වා නිවසට ඇතුළු වී මෙම ඝාතනය සිදුකළ ආකාරය අධිකරණයේ දී තහවුරු වන්නේ ඇසින් දුටු සාක්ෂි ලෙස ඔවුන්ගේ 16 හැවිරිදි දියණිය සහ 17 හැවිරිදි පුතනුවන් ලබා දුන් සාක්ෂිත් සමගය.

ජූරිය දිනේෂ් කුරේරාගේ කතාව ප්‍රතික්ෂේප කළේය. එහෙත් ජූරි සභාව ඔහු ඝාතකයෙක් බව තීන්දු කළේය.  දිනේෂ් කුරේරා ම්ලේච්ඡ ඝාතනයකට වරදකරු වන්නේ රටටත් කළු පැල්ලමක් තබමිනි.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka