සජිත්ගේ ජන රැලියක් අමතද්දී හකීම්ට ගල් ගහයි… රැස්වීම් භූමියේ කලබලයක්..
සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරමින් මඩකලපුවේදී පවත්වන ලද ජනරැළියකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ජනරැළිය අමතමින් සිටියදී එල් වූ මෙම ගල් ප්‍රහාරයෙන් එහි කලබලකාරී තත්ත්වයක් ඇති විය.
ප්‍රහාරය එල්ල වීමත් සමඟ හකිම් මහතාගේ ආරක්ෂකයන් ඔහුව වට කර ආරක්ෂාව සැපයූහ.
අකුරණ ප්‍රදේශයේ පසුිය 23 වැනිදා පැවති ජනරැලියකදීද හකීම් මහතාට හූ තැබීමක් සිදුවිය.
සජිත්ගේ ජන රැලියක් අමතද්දී හකීම්ට ගල් ගහයි… රැස්වීම් භූමියේ කලබලයක්..
2024-09-14T22:25:00+05:30
Gossip Lanka Hot News





