රනිල්ගේ බොරුවලට කතිකාචාර්යවරියකගෙන් සැර උත්තරයක්
රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ ගෙන යන ව්‍යාජ ප්‍රකාශ අතර ජනතාව බිය ගැන්වීමට යොදා ගනිමින් සිටින IMF ගිවිසුම සම්බන්ධ ව්‍යාජ ප්‍රචාරයන්ට එරෙහිව ආර්ථක විශ්ලේෂකයින් සහ ජාත්‍යන්තර නීතිය පිළිබඳ ප්‍රාමාණික විද්වතුන් කරුණු හෙළිකරමින් තිබේ.
ඔවුන් අතරින් රුහුණු විශ්ව විද්‍යාලයේ ආර්ථික අධ්‍යන අංශයේ ජේෂ්ඨ කතිකාචාර්ය සුලක්ඛණා ගමගේ අනිද්දා පුවත්පතට කරුණු ගණනාවක් හෙළිකර ඇත. ඇය ඍජුව ම ප්‍රකාශ කර තිබෙන්නේ “IMF ගිවිසුම්වලට එළඹෙන්නේ රජය සමඟ මිස ජානාධිපති කියන පුද්ගලයා සමඟ නෙමෙයි“ යනුවෙන් අවධාරණය කර තිබේ.
රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ශව මූල්‍ය අරමුදල සමඟ අත්සන් කර තිබෙන ගිවිසුම් සම්බන්දයෙන් සාකච්ඡා කිරීමට පවා නොහැකි බවටත්, එසේ කළහොත් රට නැවත වැටෙන බවටත් ප්‍රචාර ගෙන යමින් සිටිති. එලෙස ගෙන යන ප්‍රචාර එම පිල තුළම පරස්පර විරෝධි තත්වයකට පැමිණ තිබෙන අතර මෙවැනි ප්‍රාමාණික උගතුන් ද එම ව්‍යාජය හෙළි කරමින් ජනතාවට සත්‍යය තත්වය පැහැදිලි කරමින් සිටිති.
-lankatruth
රනිල්ගේ බොරුවලට කතිකාචාර්යවරියකගෙන් සැර උත්තරයක්
2024-09-01T08:35:00+05:30
Gossip Lanka Hot News






