එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුරෙන් පාලිත රංගේබණ්ඩාර වහාම නෙරපා හැරීම පිළිබඳව වජිර අබේවර්ධන මෙන් ම රවී කරුණානායක ද විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බව මේ වනවිට වාර්තා වෙමින් පවතී.
දේශපාලන විචාරකයෙකු සඳහන් කර තිබුණේ වජිර අබේවර්ධනටත් වඩා රවී කරුණානයක සහ පාලිත රංගේබණ්ඩාර අතර ගැටුම බරපතළ මෙන් ම දැනට වසරකට ආසන්න කාලයක් පැවති තිබූ බවයි. ඒ පිළිබඳව සොයා බැලීමේ දී වැදගත් තොරතුරු රැසක් 2023 දෙසැම්බර් 17 වෙනි දින ලංකාදීප පුවත්පතේ වාර්තාවකින් හෙළිවේ. එහි සඳහන් කරුණු උපුටා ගෙන පහත දැක්වේ.
“රවී කරුණානායක එක්සත් ජාතික පක්ෂයේ වැඩ කටයුතු සඳහා නැවත එක්වීමත් සමඟ පසුගිය සති කිහිපයේ දී පක්ෂය තුළ අලුත් ගැටුම් කිහිපයක් ඇති විය. තමන්ට පක්ෂයේ මහ ලේකම් ධුරය හෝ නියෝජ්‍ය නායක ධුරය අවශ්‍ය යැයි රවීගේ අදහස වී තිබේ“ යනුවෙන් එම වාර්තාවේ හෙළි කර තිබිණි.
-lankatruth