gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කලින් වගේම ඉස්සරහටත් චීනය එක්ක ළඟින් කටයුතු කරනවා – හරිනි (වීඩියෝ)

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි – හරිනි අමරසූරිය මහත්මිය පවසා ඇත්තේ අතීතයේ මෙන්ම ඉදිරියටත් චීනය හා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි. චීන මාධ්‍ය සමූහයේ මාධ්‍යවේදියෙකු වෙත අදහස් දක්වමින් ඇය මේ බව පවසා තිබුණි.

“අපි අතීතයේත් චීනය සමඟ ඉතා සමීපව කටයුතු කළා. ඉදිරියටත් එසේම කරනවා. අතීතයේදී වගේම ඉදිරියටත් චීනය සමඟ හොඳ සබඳතාවක් පවත්වාගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා,” යැයි  ඇය පැවසුවාය.

සැප්තැම්බර් 21 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස සැප්තැම්බර් 23 වැනිදා කොළඹදී දිවුරුම් දුන්නේය.

මේ අතර, ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීම පිළිබඳව දිසානායක මහතා වෙත  චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ද සුභාශිංෂන පණිවිඩයක් යොමුකර තිබුණි.

තවද, සැප්තැම්බර් 23 වැනිදා බෙයිජිං අගනුවර පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක – ලින් ජියැන් (Lin Jian) මහතාද පවසා තිබුණේ දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමටත් දෙරටේ සංවර්ධන උපාය මාර්ග ශක්තිමත් කිරීමටත් දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ නව ලක් රජය හා එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවයි.

(CCTV+)
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka