අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක දිවුරුම් දීමෙන් අනතුරුව දළදා වහන්සේ වන්දනා කර මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු බැහැ දැක ආශීර්වාද ලබා ගැනීම සඳහා මහනුවරට පැමිණියේය. ප්‍රධාන මාර්ගය ඔස්සේ සාමාන්‍ය පුද්ගලයෙක් සේ පැමිණි ජනාධිපතිවරයාගේ විශේෂ දැනුම්දිමකින් තොරව පැමිණි ගමනට අවශ්‍ය මගපෙන්විම සඳහා මහනුවර පොලිසියෙන් පොලිස් යතුරුපැදියක් ලබා දී තිබිණි.
මේ අවස්ථාවට ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික ලාල්කාන්ත ද එක් වී සිටියේය.