gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්වෙයි!

ජනාධිපති නිතිඥ කෞෂල්‍ය නවරත්න ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව වෙත ලිපියක් යොමු කරමින් එහි සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඊයේ (13) පස්වරුවේ රැස් වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව ඔහුගේ ඉල්ලා අස්වීම අනුමත කළ බව සංගමයේ ලේකම් චතුර ගල්හේන ප්‍රකාශ කර ඇත.

මතභේදයට තුඩු දුන් JAICA අරමුදල් පරිහරණයේ දි විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීමට සභාපතිවරයා අපොහොසත් වී ඇති බව ඒ සම්බන්ධව පරික්ෂණයක් කළ පංච පුද්ගල කමිටුව විසින් අනාවරණය කරගැනීමත් සමගම කෞෂල්‍ය නවරත්නට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස නීතිඥ සංගමයේ සාමාජිකත්වය මින් පෙර ඒකමතිකව දන්වා තිබිණි.

පංච පුද්ගල කමිටුව සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ ශ්‍රි ලංකා නීතිඥ සංගමය සහ JICA ආයතනය අතර ඇතිකරගත් කොන්ත්‍රාත්තුවට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට අපොහොසත් වී ඇති බවත්, ඔහු නීතිඥ සංගමයේ සභාපතිවරයා වශයෙන් ඔහු කෙරෙහි තබා ඇති විශ්වාසය කඩ කර ඇති බවත්ය.

කෙසේ වෙතත් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවර්ත්න පවසන්නේ  තමාට එල්ලවන චෝදනා අසත්‍ය ඒවා බවය.  ඔහු  නීතිඥ සංගමයේ විධායක සභාව වෙත යොමු කළ ලිපියෙන් පෙන්වා දෙන්නේ තමන් නීතිඥ සංගමයේ අභිවෘද්ධිය වෙනුවෙන් අවංකව කැපවූ අයෙක් බවය.

මේ වනවිට  විධායක සභාවේ තීරණය ලෙස නීතිඥ සංගමයේ වැඩ බලන සභාපති ලෙස ජනාධිපති නිතිඥ  අනුර මැද්දෙගොඩ පත් කර තිබේ.

ලබන 28 වැනිදා රැස්වන නීතිඥ කවුන්සිලයේ සාමාජිකයින් විසින් ඉදිරි කාලසීමාව සඳහා සභාපති ධූරයේ කටයුතු කිරීමට සුදුස්සෙක් පත් කරන බව චතුර ගල්හේන කියයි.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka