නාමල්ගේ ජනරැලියකට ගල් ගහයි.. ශිරන්ති රෝහලට..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජන හමුවකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ. හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ ජන හමුවකට ඉල්ලවූ මෙම ගල් ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවකු හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇත.
ජන හමුව සඳහා නාමල් රාජපක්ෂ මහතා, චමල් රාජපක්ෂ මහතා හා සිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගි වීමට නියමිතව තිබුනද සිදුවීම සැලවීමෙන් පසු ඔවුන් ඊට පැමිණ නැත.
තුවාල ලැබූ දරුවාගේ සුවදුක් බැලීමට ශිරන්ත රාජපක්ෂ මහත්මිය රෝහලට ගොස් ඇත.
නාමල්ගේ ජනරැලියකට ගල් ගහයි.. ශිරන්ති රෝහලට..
2024-09-12T06:01:00+05:30
Gossip Lanka Hot News








