අරුන්දිකගෙන් පොලිස් ප‍්‍රශ්ණ කිරීමක්.. මුල්‍ය වංචා පරීක්‍ෂණ..
මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් පැය පහකට අධික කාලයක් ප්‍රශ්න කර තිබේ. ඊයේ දිනයේ මෙසේ ප්‍රශ්න කර ඇත්තේ රුපියල් ලක්ෂ තිහක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණයක් මතයි.
කාන්තාවක් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යවන බවට පොරොන්දු වී අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු මෙම මුදල ලබා ගත් බවට එම පැමිණිල්ලේ සදහන්ය.
සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් අදාළ මුදල එම කාන්තාවගෙන් ලබාගෙන අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ ගිණුම් දෙකකට බැරිකර ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි සඳහන් වෙයි.
ඒ අනුව එම බැංකු ගිණුම් වලට මුදල් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් පොලිසිය මෙසේ ප්‍රශ්න කර තිබේ.
අදාළ කාන්තාව ගුවන් තොටුපළ දක්වා ගෙන ගොස් අතරමං කර දමා ඇති බවටත් පැමිණිල්ල මගින් කියා ඇත
අරුන්දිකගෙන් පොලිස් ප‍්‍රශ්ණ කිරීමක්.. මුල්‍ය වංචා පරීක්‍ෂණ..
2024-09-10T16:49:00+05:30
Gossip Lanka Hot News






