අද (20) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර ඔහුගේ පලා යෑම මින් සති කිහිපයකට ඉහතදී සැළසුම් කර තිබූ එකක් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ආරංචි මාර්ග පවසන්නේ බැසිල් රාජපක්ෂ මහතා මින් සති දෙකකට පමන ඉහතදී එම ගමන සඳහා ගුවන් ටිකට්පත්ද වෙන්කරගෙන සිට ඇති බවයි. කෙසේවෙතත් ඒ සඳහා රාජපක්ෂ පවුලේ දැඩි විරෝධයක්ද එල්ල වී ඇති අතර එම තීරණය මැතිවරණ දිනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම කෙරෙහිද බලපෑමක් ඇති කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පැවසූ බව වාර්තා වෙයි.
කෙසේවෙතත් පසුව 21 වැනිදා පස්වරුවේ දිවයිනෙන් පිටත්වීම සඳහා ඔහු එකඟවී ඇති අතර අද අළුයම ඔහුගේ නික්ම යෑම පවුලේ සමීපතමයින් හෝ දැන සිට නොමැති බවද පැවසේ.
21 වැනිදා පස්වරුවේ බැසිල් රාජපක්ෂ මහතා සමඟ දිවයිනෙන් පිටත්වීම සඳහා තවත් මැති ඇමතිවරු 7 දෙනෙකු සාකච්ඡා කර සිට ඇති අතර එම පිරිසටද නොකියා ඔහු පිටත්ව ගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එම කණ්ඩායම අතර හිටපු අමාත්‍යවරු දෙදෙනෙක්, හිටපු රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් සහ මන්ත්‍රීවරු දෙදෙනෙකු වන බවද වාර්තා වෙයි.