පාස්කු ප්‍රහාරයේ විමර්ශනයන් සම්බන්ධයෙන් මාද්‍යවේදීන් නැගූ ගැටලු වලට පිළිතුරු ලබා දෙමින් ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසා සිටියේ අනුර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව කාදිනල් හිමිපාණන් හමුවී අපේ රටේ ජනතාව ආගමික සිද්ධස්ථාන වලදී සාහසික ලෙස ඝාතනය කර බලයට පැමිණි ඝාතකයින්ට දඬුවම් නොදෙන්නේනම් තමා ඇතුළු පත්වූ රජයෙන් පලක් නොවන බව ප්‍රකාශ කළ බවත් එකී අයුරින්ම මේ වන විටත් පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුතු නැවත ආරම්භ කර ඇති බවත්ය.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ එම පරීක්ෂණ සිදු කිරීමට අදාල නිලධාරීන් මේ වන විටත් අදාල ධුරයන්හි පිහිටුවා එම පරීක්ෂණ ආරම්භ කිරීමට අවශ්‍ය මූලික වටපිටාව මේ වනවිටත් සකස් කර අවසන් බවයි.
එමෙන්ම ඉතාම කඩිනමින් චූදිතයන්ට දඬුවම් ලබාදීම සඳහාත් වින්දිතයන්ට සාධාරනය ඉටුකිරීම සඳහාත් කටයුතු කරනා බව ඔහු පැවසීය.