මෙරට ඉතිහාසය වෙනස් කරන මැතිවරණයක් බවට මෙම මැතිවරණය පත්වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි.
“මම හිතනවා ලංකා ඉතිහාසය වෙනස් කරන මැතිවරණයක් බවට මේ මැතිවරණය පත්වේවී. කාලාන්තරයක් තිස්සේ ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරළන්න, ආණ්ඩු මාරුකරන්න, නායකයෝ මාරුකරන්න ඡන්ද පවත්වලා තිබෙනවා. මම හිතනවා මේ මැතිවරණය ලංකා ඉතිහාසයේ ප්රබලතම හැරවුම් ලක්ෂයක් දෙන මැතිවරණය බව.
ඒ වගේම ජයග්රහණයෙන් පසුව සියලුදෙනා සාමකාමි වන ලෙසත්, ප්රජාතන්ත්රවාදයේ ගතිලක්ෂණය තමයි, ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති දේශපාලන ව්‍යපාරයකට වැඩකරන්න, තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට ඡන්දය ප්‍රකාශ කරන්න අයිතිය තිබෙනවා. ඒ අයිති අපි දිගටම ආරක්ෂා කළ යුතුයි.”
සිය ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපේක්ෂක අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.