මහ මැතිවරණයට අලියා ලකුණෙන් ඉදිරිපත් වීමට සුදානම් වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ එම පක්ෂයේ කළමනාකරණ කමිටුවට ඊයේ (22) දැනුම් දී ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරණයේ ප්රතිඵල ප්රකාශ කිරීමෙන් පසුව රනිල් වික්රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුවේ හදිසි සාකච්ජාවක් කැඳවා ඇති අතර එහිදී මෙම උපදෙස් ලබා දී ඇති වික්රමසිංහ මහතා දිවයිනේ සැම දිස්ත්රික්කයක් සඳහාම නාම යෝජනා සකස් කිරීමේ නවකයන් පස්දෙනකු ඇතුළත් කරන ලෙසද වැඩිදුරටත් උපදෙස් දී ඇත.
මෙම සාකච්ජාවේදී ජනාධිපතිවරණයේ ප්රතිපල විශ්ලේශණයක්ද සිදු කර ඇති අතර “අලියා” ලකුණෙන් ඉදිරිපත් නොවීම මැතිවරණ ජයග්රහණයට බාධාවක් වීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර ඇත.
-mawratanews