දැනට මුල් වටයේ ඡන්ද ගණන් කිරීම් අනුව අනුර දිසානායක මහතා ඉහළින්ම ජයග්රහණය කර ඇතැයි ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා සඳහන් කරයි. මුල් වටයේ ගණන් කිරීම් අනුව ලක්ෂ දහතුනක වැඩි ඡන්ද ප්රමාණයක් අනුර දිසානායක මහතා ලබාගෙන ඇති බවද හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් කිසිදු අපේක්ෂකයෙකු සියයට පනහක ප්රමාණය ලබාගෙන නොමැති නිසා දෙවන තුන්වන මනාප ගණන් කිරීමද මැතිවරණ පනතට අනුව කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව දෙවන තුන්වන මනා ගණන් කිරීමද අවසන් වන තුරු අවසන් ප්රතිඵලය නිකුත් නොකිරීමට මැතිවරණ කොමිසමක් බැඳී සිටින බවද හෙතෙම කියා සිටියේය.
දෙවෙනි මනාපයේ ප්රතිඵලය කුමක් වුවද අනුර දිසානායක මහතාගේ ජයග්රහණයට එය කිසිදු බාධාවක් නොවන බවද පැවසූ ඔහු කිසිදු අක්රමයකතාවයක් සිදු නොවන බවත් මැතිවරණ නීතිය අනුව කටයුතු කරමින් සිටින බවත් හෙතෙම තවදුරටත් කියා සිටි.