ඉලක්ක ගත බදු ආදායම සම්පූර්ණ කරගැනීමට නොහැකිවීම හේතුවෙන් භාණ්ඩ හා සේවා බද්ධ හෝ වෙනත් බදු එකක් හෝ කිහිපයක් යළි ඉහළ දැමීමට සිදුවනු ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින්ද රජයේ බදු ආදායම් ඉහළ දමා ගැනීම සම්බන්ධයෙන් වන උපදෙස් මේ වන විටත් ලබා දී තිබේ.
ඒ අනුව බොහෝ දුරට ජනාධිපතිවරණයෙන් පසුව පත්වන ඕනෑම ජනාධිපති වරයෙකු ජාත්‍යන්තර මුල්ලේ අරමුදල සමග ඉදිරියට යන්නේ නම් රාජ්‍ය බදු ආදායම ඉහල නැගීම සඳහා බදු අනුපාත යළිත් වටයකින් ඉහල නැංවීමට සිදුව තිබේ.
එය භාණ්ඩ හා සේවා බද්ධ මත පමණක් පනවන බද්දක් නම් බොහෝ දුරට එම බදු අනුපාතයන් 20-21% දක්වා සීමාවකට පත් කිරීමට සිදුවනු ඇති බවද දැනගන්ට ඇත.
කෙසේ වෙතත් බදු ආදායම් වෙනත් බද්දක් හෝ බදු කිහිපයක් හරහා ආවරණය කරන්නේ නම් ඒ සඳහාද අවස්ථාව ඇති අතර අවසන් ඉලක්කය වී ඇත්තේ රාජ්‍ය බදු ආදායහ ඉහල නැංවීමයි.