මැතිවරණ සමයේ ඡන්ද අල්ලසක් ලෙස වතුකරයේ ජනතාවට බෙදා හරින කෘත්‍රීම රා පරිභෝජනයට නුසුදුසු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරයි.
ජනතාවට බෙදා හරින කෘත්‍රීම රා සෞඛ්‍යට අහිතකර ඒවා බවත් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී එය අනාවරණය වු බවද එම සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරයි.
මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් විසින් ඡන්ද අල්ලසක් ලෙස ජනතාවට රා බෙදා හරින බවට තම සංගමයට සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ මූලික විමර්ශනයකදී මේ බව අනාවරණය වු බවද සභාපති උපුල් රෝහණ සදහන් කරයි.
වතුකරයේ ජනතාව වෙත ගොස් ඒ පිළිබඳව ඉතා විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කරගෙන තිබෙන බවද සභාපති උපුල් රෝහණ තවදුරටත් සදහන් කරයි.