තණමල්විල පාසල් දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියේදී වාර්තා වූ පරිදි එම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැනගෙනත් එම තොරතුරු පොලිසියට සැගවීම සම්බන්ධයෙන් තණමල්විල ජාතික පාසලේ විදුහල්පතිවරයා ඇතුළු සිවුදෙනෙකු අද (13) සවස අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පාසලේ විදුහල්පතිවරයා ,නියෝජ්‍ය විදුහල්පතිවරයා, උපදේශන ගුරුවරිය සහ විනය කමිටුව භාර ආචාර්යවරිය යන පිරිසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන් ලබාගත් ප්‍රකාශයයේදී ඔහු සදහන් කර ඇත්තේ සිද්ධිය පොලිසියට දැනුවත් කරන ලෙස තමා විදුහල්පතිවරයාට උපදෙස් දුන් නමුත් විදුහල්පතිවරයා ඇතුළු කමිටුව එම නියෝග ක්‍රියාත්මක කර නොමැති බවයි.
කෙසේවෙතත්, දැරියටය අතවර කළ සිසුන් සහ ඊට අනුබල දුන් කාන්තාව අගෝස්තු මස 22 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වැල්ලවාය දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් චතුර ඊ දිසානායක මහතා ඊයේ දින නියෝග කරනු ලැබීය.