ඊයේ (22) පස්වරුවේ පැවති සමගි ජන සන්ධානයේ මොරටුව ජන හමුව අමතමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරිකාර් මහතා පවසා සිටියේ, පක්ෂ මාරු කරනා එක ඔලු ගෙඩියක් සඳහා ලක්ෂ දෙදහසක මුදලක් මේ මොහොතේ ලබා දෙන බවයි.
එමෙන්ම ඔහු පවසා සිටින්නේ නාමල් රාජපක්ෂ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණය සඳහා ඉල්ලීම සාධාරණ නමුත් මේ මොහොතේ රනිල් වික්‍රමසිංහගේ සැලැස්ම ජයග්‍රහණය නොව සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීම බවයි.
එමෙන්ම රත්නපුර පාර්ලිමේන්තු මන්ත්රීනී තලතා අතුකෝරාළ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඉල්ලා අස්වන බවට සඳහන් කළත් මේ වන තුරුත් සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී නැති බව මන්ත්‍රීවරයා පවසයි.