ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ඊයේ (22) මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉවත්ව ගිය පිරිස් නැවත පක්ෂයට බඳවා නොගන්නා බවයි.
මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සතුව ශක්තිමත් දෙවැනි පෙලක් නිර්මාණය වී ඇති බවත් එම දෙවැනි පෙළේ ශක්තිමත්භාවය ඔප්පු කර පෙන්වා ඇති බවත් පැවසූ මහ ලේකම්වරයා හැර ගිය පිරිස් නැවත බඳවා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව අවධාරණය කළේය.
එමෙන්ම ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ ජනතාවට එපානම් සැලුන් දොර වසාදමන බවට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද පැහැදිලිව ප්‍රකාශයට පත් කළ බවයි.
එම වීඩියෝව පහතින්,