පොහොට්ටුවේ ඇමතිවරු ඉල්ලා අස්වෙයි!
පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදීමට තීරණය කර සිටින ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන මන්ත්‍රීවරුන් අට දෙනා එම තනතුරුවලින් ඉවත්වීමට සූදානම් වන බව වාර්තා වේ.
ඉවත්වීමට සූදානම් වන පොදුජන පෙරමුණ පක්ෂයේ රාජ්‍ය ඇමැතිවරුන් වන්නේ, ඩී. වී චානක, තේනුක විදානගමගේ, ශෂින්ද්‍ර රාජපක්ෂ අශෝක ප්‍රියන්ත, මොහාන් ද සිල්වා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර සහ සිරිපාල ගම්ලත්ය.
ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය නොදැක්වා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂට සහාය දැක්වීමට තීරණය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
කෙසේ වෙතත් එම රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ධුර සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙතෙක් තීරණය කර නැති බව වාර්තා වේ.
පොහොට්ටුවේ ඇමතිවරු ඉල්ලා අස්වෙයි!
2024-08-09T14:05:00+05:30
Gossip Lanka Hot News






