පාර්ලිමේන්තු මන්ත්‍රීකම රටේ න්යායපත්රය වෙනුවෙන් තබා ගත් බව කියමින් හරින් ප්‍රනාන්දුට සහ මනුෂ නානායකට ස්තුති කරන සටහනක් විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර ස්වකීය X ගිනුමේ සටහන් කර තිබේ.
ඔහු මේ සටහන තබන්නේ සමගි ජන බලවේගයෙන් පළවා හළ මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු සම්බන්ධව පක්ෂය ගත් තීරණය තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවට පසුය.
කාංචන විජේසේකර සිය X ගිනුමේ තැබූ සටහන පහත දැක්වේ.
ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් ලබා දුන්නේ රටේ නීතිය සහ සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව අනුව බවත් ඔවුන් දෙදෙනා අවශ්‍ය මොහොතේ රටේ තීරණාත්මක අවස්ථාවක ජනාධිපතිවරයා වෙත සහාය පල කරනු ලැබුවේ මේ ප්රතඵලය දැනගෙන බවත් විදුලි බල සහ බලශක්ති ඇමති කාංචන වජේසේකර පවසයි.
කාංචන විජේසේකර පවසන්නේ ආර්ථිකයත් රටත් යථා තත්ත්වයට පත් කිරීම සඳහා කළ මෙහෙය කිසිවකුට පැහැර හැරිය නොහැකි බවය.
සංචාරක හා විදේශ රැකියා ක්ෂේත්රවල වර්ධනය පසුගිය වසර දෙක තුළ වෙහෙස මහන්සි වී ඔවුන් කළ වැඩ කොටස සනාථ කරන බව පවසන කාංචන විජේසේකර ඔවුන් රජයට එක්වීමට පෙර ඔවුන් දෙදෙනා සමඟ විවිධ දේශපාලන හා ප්‍රතිපත්තිමය කරුණු මත විසංවාද රැසක් තිබුණු බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
බොහෝ දෙනෙක් තම දේශපාලන ජීවිතය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීකම රටේ ජාතික න්‍යාය පත්‍රය වෙනුවෙන් තබා නොගනිද්දී ඔවුන් තම දේශපාලන පක්ෂයට පෙර රට පෙරට තැබූ බව ලියා තබන කාංචන විජේසේකර සිය සටහන අවසන් කරන්නේ මෙසේ ය.
ස්තූතියි හරීන් සහ මනූෂ
එම සටහන පහත දැක්වේ.