ජනපති සජිත් 69 ලක්ෂයත් පසු කරයි... ඡන්ද ලක්ෂ 72කට ගණනුත් හදලා!
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා සිටියේ මේ වන විට පවතින තත්ත්වය අනුව සජිත් ප්‍රේමදාස මහතා 50%ක ඡන්ද ප්‍රතිශතය අභිබවමින් මුළු ඡන්ද ලක්ෂ 72ක් ලබා ගන්නා බවට පුරෝකතනය කළ හැකි බවයි.
බිම් මට්ටමේ ජනතාව මේ වන විටත් ශක්තිමත් ලෙස සජිත් වටා එක් වී ඇති බව පැවසූ අත්තනායක මහතා නිසැකවම එළඹෙන ජරාධිපතිරණයේදී ජයග්‍රහණය සජිත් ප්‍රේමදාස මහතා සතු කරගන්නා බව අවධාරණය කළේය.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙනත් අදහසක් පළ කළ අතර ඔහු පවසා සිටියේ කිසිවිටකත් පක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට ඇති අභියෝගය සුළු කොට තැකිය නොහැකි බවත් එම අභියෝග ජයගැනීමට නම් මහන්සි නොබලා වැඩ කළ යුතු බවයි.
ජනපති සජිත් 69 ලක්ෂයත් පසු කරයි... ඡන්ද ලක්ෂ 72කට ගණනුත් හදලා!
2024-08-04T09:53:00+05:30
Gossip Lanka Hot News






