අද (20) උදෑසන ජාතික ජන බලවේගයේ මහර ආසනයේ සුරිය පාළුව උතුර මැතිවරණය කාර්යාලය විවෘත කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සහභාගී විය.
එහිදී මාධ්‍යවේදීන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගෙන් විමසා සිටියේ පසුගියදා නාමයෝජනා භාරදීම සඳහා ජනාධිපති අපේක්ෂකයින් මැතිවරණ කොමිසමට පැමිණි අවස්ථාවේදී අනුර දිසානායක මහතා නාමල් රාජපක්ෂ මහතාට අතට අත දෙමින් සුහද පිළිසඳරක යෙදෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම, රන්ජන් රාමනායක විසින් පැවසූ “හැමෝම යාලුවෝ” යන කතාව තහවුරු කිරීමක්ද යන වගයි.
ඊට ප්‍රතිචාර දක්වමින් විජිත හේරත් මන්ත්‍රීවරයා පවසා සිටියේ ජාතික ජන බලවේගය විසින් මේ වන තෙක් ඉතාම සාමකාමීව තම මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන බවත් මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවත් ප්රජාතන්ත්රවාදී ලෙස සහ සාමකාමී ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බවත්ය.
මාධ්‍යවේදීන් වැඩිදුරටත් විමසා සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජාතික ජන බලවේගයට සුභ පැතීම පිළිබඳ ජාතික ජන බලවේගය මතය කුමක්ද යන වගයි.
පිළිතුරු දක්වමින් විජිත හේරත් මහතා පවසා සිටියේ රන්ජන් රාමනායක යනු විටෙක මේ රටේ දූෂිත ක්‍රමය වෙනුවෙන් තනිව සටන් කළ පුද්ගලයෙක් බවත් ඔහු ජාතික ජන බලවේගයට සුබ පතයි නම් එම සුබ පැතුම් මහත් ගෞරවයෙන් යුතුව පිළිගන්නා බවයි.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ රන්ජන් රාමනායකගේ එම සිදුවීමෙන් මේ රටේ දූෂණය තනි පුද්ගලයකු ලෙස සටන් වැද නැවැත්විය නොහැකි බවට ඔප්පු වූ බැවින් ඒ සඳහා මහජන බලයක් අවශ්‍ය බවයි.
එමෙන්ම රන්ජන් රාමනායක විසින් මාලිමාවේ ජයග්‍රහණයට සුබ පැතීම පක්ෂයක් ලෙස ආඩම්බර වන බවත් එය තම පක්ෂයට ශක්තියක් බවත් විජිතේ හේරත් මහතා අවධාරණය කළේය.
එමෙන්ම රන්ජන් රාමනායක මහතාගේ ප්‍රජා අයිතිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා පවසා සිටියේ රන්ජන් රාමනායක යනු දූෂිතයෙක් හෝ මැරයෙක් නොවන බවත් ඇත්ත කතා කළ නිසා සිරගතවූ පුද්ගලයෙක් බැවින් ඔහුගේ ප්‍රජා අයිතිය ලබාදීම සම්බන්ධව ජාතික ජන බලවේගයට වගකීමත් ඇති බව විශ්වාස කරනා බවයි.