ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පූර්ණ නිදහස ලබාදීම සඳහා බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම ඔහුට මේ වන විට ලබාදී ඇති ජනාධිපති සමාව පූර්ණ සමාවක් නොවන බවත් එම සමාව හරහා ඔහුගේ කට වසා තබා ඇති බවත් හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.
එබැවින් ඔහුට නැවතත් පූර්ණ සමාවක් ලබාදිය හැක්කේ ජනාධිපතිවරයාට බවත් ඔහු පූර්ණ සමාව හිමිවිය යුතු පුද්ගලයකු ලෙස ජාතික ජන බලවේගය විශ්වාස කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.